u/ComposerAshamed1004

සමාවෙන්න: මේ රූප වල කිසිම ලස්සනක් මට පේන්නේ නෑ!

සමාවෙන්න: මේ රූප වල කිසිම ලස්සනක් මට පේන්නේ නෑ!

කවුදෝ කෙනෙක් පෙරහැර ගැන කරපු නිර්මාණයක් ගැන සමාජ මාධ්‍ය වල ඉතා ඉහළින් කතා වෙනවා දැකලා මට මේක ලියන්න හිතුනා.

මේක අපි හැමෝම විවෘතව කතා කරන්න ඕන මාතෘකාවක්. නුවර ඇසළ පෙරහැර කියන්නේ ලෝකයක් දන්න අපේ සංස්කෘතික අංගයක් තමයි. හැබැයි මේ ලස්සන පෙරහැර අස්සේ තියෙන අලි ඇතුන්ගේ දුක දැක්කම, ඇත්තටම අපි මේ මොකක්ද සමරන්නේ කියලා හිතෙනවා නේද?

මේ ගැන සත්ත්ව අයිතීන් වෙනුවෙන් කතා කරන අය ගොඩක් මතවාද මතු කරනවා. මේ තියෙන්නේ ඒ අය නිතරම අහන, අපි හැමෝම හිතන්න ඕන දේවල් ටිකක්:

  • දම්වැල් සහ හෙණ්ඩුව: අලියා කියන්නේ කැලේ නිදහසේ ඉන්න සතෙක්. ඒත් මේ සත්තුන්ව පාලනය කරන්නේ හෙණ්ඩුවෙන් ඇනලා, තුවාල කරලා. පෙරහැරේ කිලෝමීටර් ගාණක් තාර පාරවල් වල ඇවිදින්නේ කකුල් වලට බර යකඩ දම්වැල් දාගෙන.
  • ශබ්දය සහ ආලෝකය: ඝෝෂාකාරී බෙර සද්ද, හොරණෑ, ගිනි බෝල සහ සැර විදුලි බුබුලු නිසා මේ සත්තු ලොකු මානසික පීඩනයකට පත්වෙනවා. ගොඩක් අලින්ගේ ඇස් පවා අන්ධ වෙන්නේ මේ ගිනි පන්දම් වල රස්නය සහ එළිය නිසයි.

ඉතින්, මට මේ චිත්‍ර දැක්කම මේවාගේ කිසිම ලස්සනක් පෙනෙන්නේ නෑ. සමාවෙන්න!

https://preview.redd.it/9xzo3747ewih1.png?width=1140&format=png&auto=webp&s=315bc4d64d5244c4f494863412972466a720ff9b

https://preview.redd.it/u6x5dca2ewih1.png?width=1147&format=png&auto=webp&s=b95c46e437db0086fbb647a1e438d35ea0c61301

reddit.com
u/ComposerAshamed1004 — 9 days ago
▲ 10 r/lankawa

"හයිටියට ශ්‍රී ලංකා හමුදාව යෙදවීම වහාම නතර කළ යුතුය" - ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් නිවේදනයක් නිකුත් කරමින් කියයි!

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් හයිටි රාජ්‍යයේ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට එරෙහිව 'සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය' (Sri Lanka Campaign) ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් සිය දැඩි විරෝධය පළ කරයි.

ශ්‍රී ලංකා හමුදා යෙදවීමට එරෙහි වීමට ප්‍රධාන හේතු:

අතීත ලිංගික අපයෝජන: 2004 සහ 2007 අතර කාලය තුළ ශ්‍රී ලංකා සාම සාධක භටයන් අවම වශයෙන් හයිටි දරුවන් 134 දෙනෙකු (වයස අවුරුදු 8 තරම් කුඩා දරුවන් ඇතුළුව) ලිංගික අතවර කර ඇති බව එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වී ඇත.

දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය (Impunity): මෙම බරපතල අපරාධ සිදුකළ කිසිදු සාම සාධක භටයෙකුට මෙතෙක් නිතී්‍යානූකූළ දඬුවම් නියම වී නොමැත.

විධිමත් පරීක්ෂාවන් නොමැතිකම: මෙම නව යෙදවීම සඳහා තෝරාගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් ද කිසිදු විනිවිද පෙනෙන හෝ ස්වාධීන මානව හිමිකම් පරීක්ෂාවන් (Vetting process) සිදුකළ බවට සාක්ෂි නොමැත.

වගවීම පැහැර හැරීම: ශ්‍රී ලංකාව තුළ සිදුවූ යුදකාලීන අපයෝජන සම්බන්ධයෙන් මෙන්ම හයිටි දරුවන්ට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ද මෙතෙක් නිසි වගවීමක් සිදුව නොමැත.

මානව හිමිකම් සංවිධානවල ඉල්ලීම්:

විධිමත් සහ ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලියක් අවසන් වන තෙක් මෙම හමුදා යෙදවීම වහාම අත්හිටුවිය යුතුය.

යොදවන සියලුම නිලධාරීන්ගේ DNA වාර්තා, ඡායාරූප සහ අනන්‍යතාවයන් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස රඳවා ගත යුතුය.

හයිටි දේශයේ වින්දිතයන්ට පැමිණිලි කළ හැකි ස්වාධීන යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.

කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් මැදිහත් වී මෙම යෙදවීම සඳහා දැඩි කොන්දේසි පැනවිය යුතුය.

හයිටි වැසියන් ලැබිය යුත්තේ ආරක්ෂාව මිස, අතීතයේදී තමන්ව අපයෝජනයට ලක් කළ සහ ඊට දඬුවම් නොලැබූ බලකායන් නැවත පැමිණීම නොවේ. Full Report: https://srilankacampaign.org/the-deployment-of-sri-lankan-military-to-haiti-must-be-stopped/

https://preview.redd.it/fvdcgyydw5ah1.png?width=1206&format=png&auto=webp&s=78f0a26d2bcb6ae951f1066d3a56984a62902661

උපුටා ගැනීම : vikalpa.org

reddit.com
u/ComposerAshamed1004 — 2 months ago

කොළඹ අභිමානයේ පාගමන

අද කොළඹ නගරය වර්ණවත් හා ගීතවත් කරමින් සියල්ලන්ගේම එකමුතුකමින් අභිමානයේ මාසය (Pride Month) සැමරීමක් සිදු උනා.

සැමට සමානව සැලකීම සහ බියකින් හෝ වෙනස් කොට සැලකීමකින් තොරව තම සැබෑ අනන්‍යතාවයෙන් නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් විශාල ජනතාවක් 2026 කොළඹ අභිමානයේ පාගමනට (Colombo Pride Walk 2026) එක් උනා.

එහි රූප කිහිපයක් පහතින් ( Ⓒ groundviews)

https://preview.redd.it/i9a8va5vcm8h1.png?width=1600&format=png&auto=webp&s=252c6b1a9ef0b56789ee019d1a826531d623d459

https://preview.redd.it/0210vzd0dm8h1.png?width=1600&format=png&auto=webp&s=f4fec78aaab1909e0aa3f19bf1a3ee8f629ae05e

https://preview.redd.it/oldmtf91dm8h1.png?width=1600&format=png&auto=webp&s=629b7866b322f0794730d9cfeac813a5c5e80e88

https://preview.redd.it/tos33r82dm8h1.png?width=1600&format=png&auto=webp&s=50a6c54bb7f85aaffa458c06c4b849c05a7fa99f

https://preview.redd.it/754fmf54dm8h1.png?width=1600&format=png&auto=webp&s=95fd5aced140378a635ea987736c79fcdf66a7a4

https://preview.redd.it/b6a0j0x6dm8h1.png?width=1600&format=png&auto=webp&s=c18705708906492d8416ceaab5ef0c6fb0bf8eae

reddit.com
u/ComposerAshamed1004 — 2 months ago

ට්‍රම්ප්/ඉරාන යුද්ධය නිසා පීඩා විඳින කොළඹ සංක්‍රාන්ති-ලිංගික ලිංගික ශ්‍රමිකයින්

මැද පෙරදිග යුද්ධය නිසා පීඩා විඳින කොළඹ trans-sexual sex workers ල ගැන The News Movement වෙතින් කල mini documentary එකක්:

https://www.facebook.com/thenewsmovement1/videos/the-us-and-israeli-led-war-in-iran-has-killed-thousands-displaced-millions-and-c/1312570390853428/

reddit.com
u/ComposerAshamed1004 — 2 months ago