u/CrabEater69

ෆේස්බුක් එකේ ජාතිවාදය දැක්කම මාරම දුකක් දැනෙන්නේ
▲ 16 r/lankawa

ෆේස්බුක් එකේ ජාතිවාදය දැක්කම මාරම දුකක් දැනෙන්නේ

මමත් දෙමළ එක්කෙනෙක් විදිහටයි මේක කියන්නේ. ජාතිවාදය වැරදියි, ඒක තවත් පතුරවන්නේ නැතුව ඉන්න ඕනේ කියන එක ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕනේ සරල දෙයක්. ඒ වුණාට ගොඩක් අයට ඒ මූලික දේවත් තේරෙන්නේ නෑ වගේ.

ඇයි මෙයාලට බැරි ලංකාවේ කෙනෙක් නම ජාත්‍යන්තරයට ගෙනියද්දි ඒ ගැන සතුටු වෙන්න. මේ ළඟදි යොහානි ඉන්දියාවට ගිහින් එතන ප්‍රේක්ෂකයින් සිංහලෙන් සිංදු කිව්වා කියන එකට දෙමළ අයගේ ප්‍රතිචාර. මට නම් ලංකාවේ කෙනෙක්ට මෙහෙම ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුනා කියන්නේ ආඩම්බර වෙන්න දෙයක්.

දැන් ඔන්ලයින් තියෙන විකාර සහ බොරු එක්ක මිනිස්සුන්ට මේවා තේරෙයි කියලා හිතන එකත් හීනයක් තමයි. ඒ වුණත් තමන්ට කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට වෛර කරන්න කලින්, පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරලා, අඩුම තරමේ මූලික මට්ටමේ හරි හොයාබැලීමක් කරලා හිතන්න මිනිස්සුන්ට බැරි ඇයි කියලා හිතෙද්දී මාරම දුකක් දැනෙන්නේ.

https://preview.redd.it/jorowltx87th1.jpg?width=1170&format=pjpg&auto=webp&s=7667b618feb10dd72ff3cf71877b8d10667d3aee

reddit.com
u/CrabEater69 — 12 days ago
▲ 25 r/lankawa

ඇසළ පෙරහැරේ අලි ඇතුන් වෙනුවෙන් හඬ නැගූ සත්ව හිතවාදිනියක් මුහුදු ජීවීන් බුදින්නට ගිජු බව එලි වී ඇත!

මහනුවර ඇසළ පෙරහැර සමයේ අලි ඇතුන්ගේ සුබසාධනය උදෙසා යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස හඬ නැඟූ මුහුණුපොතේ ප්‍රකට ‘සත්ව හිමිකම් ක්‍රියාකාරිනියකගේ’ සැබෑ නිරුවත ඊයේ අනාවරණය උනා.

ඊයේ ඇය විසින් පළ කරන ලද පෝස්ටුවක සඳහන් වූයේ, "පෙරහැරේ බෙර හඬට අලි ඇතුන් නර්තනයේ යෙදෙන්නේ නැත. උන් සිටින්නේ අධික මානසික පීඩනයකිනි, එය නර්තනයක් ලෙස වටහා ගන්නා මෝඩ ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් නැත" යනුවෙනි. අලින්ගේ මානසික පීඩනය ගැන මෙතරම් සංවේදී වූ ඇගේ පෝස්ටුව සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුව තිබිණි.

කෙසේ වෙතත්, ඇගේ මෙම ප්‍රකාශයෙන් පසු ඇගේ ප්‍රසිද්ධ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පරීක්ෂා කළ මුහුණුපොත් පරිශීලකයින්ට දැකගත හැකි වූයේ හාස්‍යජනක මෙන්ම ඇගේ කුහකකම ද එළිදරව් වන දෙයකි. තැම්බූ කකුළුවන් සහ විවිධ සාගර ජීවීන්ගෙන් සමන්විත ‘Seafood Boil’ ආහාර වේලක් ඉදිරිපිට සිටින ඇය, විශාල කකුළු කකුලක් විකමින් කැමරාව දෙස බලා සිනාසෙන ඡායාරූපයක් එහි තිබී හමු විය. එම ඡායාරූපයේ සටහන් කර තිබූ සිරස්තලය වූයේ

>!Totally hooked on the delish seafood!!<

යන්නයි.

අලියාට බෙර හඬ පීඩනයක් බව පවසන ඇයට, උණු වතුරේ තම්බා මරා දමන ලද කකුළුවාගේ ඇය බුදින්නට යන කකුළුවාගේ හෝ අනාකුත් සාගර ජීවීන්ගේ පීඩනය නොපෙනීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.

ජනතාවගේ දැඩි විවේචන හමුවේ අසරණ වූ මෙම "සත්ව ආදරිනිය", තමන්ගේ පරණ පෝස්ටුවල ප්‍රතිචාර දක්වන තීරුව (comments) වසා දැමීමට (disabled) කටයුතු කර තිබේ. ඉන් නොනැවතී, තමන්ගේ වරද වසා ගැනීමට ඇය විසින් නැවතත් මෙසේ පෝස්ටුවක් තබා ඇත:

>!විවේචනාත්මක!<>! !<>!බුද්ධියක්!<>! !<>!නැති!<>! !<>!මිනිස්සු!<>! !<>!ලේසියෙන්!<>! !<>!අඳුරගන්න!<>! !<>!පුළුවන්!<>!.!<

විශේෂිතම කරුණ නම්, එම පෝස්ටුවේ ද ප්‍රතිචාර දැක්වීමේ තීරුව ඇය විසින් වසා දමා තිබීමයි. සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියන ඇතැම් පුද්ගලයින්ගේ ව්‍යාජ සංවේදීතාව සහ ප්‍රායෝගික කුහකභාවය මනා ලෙස පැහැදිලි වන සිදුවීමක් ලෙස බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා දක්නට හැකියි.

reddit.com
u/CrabEater69 — 2 months ago