කෙල්ලො ලයින් කරගන්න කොල්ලො කරන වැඩ
මොනවද එහෙම කරන වැඩ? අහන්න හිතුනෙ මේක දැකල
මොනවද එහෙම කරන වැඩ? අහන්න හිතුනෙ මේක දැකල
https://sinhala.adaderana.lk/news/230296
වෙරිටේ රිසර්ච් (Verité Research) විසින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව 'ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය' පසුගිය ජූලි මාසයේ දී 15%කින් අඩුවී තිබේ.
එම ආයතනය පෙබරවාරි මාසයේ සිදුකළ සමීක්ෂණයේදී මෙය 65%ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර, එය මැතිවරණයට පසුව තිබූ ඉහළම අගය ලෙසද සැලකුණි.
කෙසේ නමුත් මාස 5ක් ඇතුළත එම අගය 50%ක් දක්වා අඩුවී ඇත.
මේ අතර මෙම සමීක්ෂණයට අනුව 'ආර්ථිකයේ ඉදිරි දැක්ම' පිළිබඳව ජනතා මතයද කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ.
රටේ ආර්ථිකය සමස්තයක් වශයෙන් හොඳ අතට හැරෙමින් පවතිනවාද ?, නරක අතර හැරෙමින් පවතිනවාද? මෙමඟින් සොයා බැලේ.
එයට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙය 64%ක් දක්වා ඉහළ අගයක තිබූ අතර, එය ජූලි මාසය වනවිට 42%ක් දක්වා 22%කින් පහත වැටී ඇත.
මේ අතර අද වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ නරක බව සොයාබලන 'ආර්ථික තත්ත්වය' කාණ්ඩයද ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව 19%කින් පහළ ගොස් තිබේ.
පෙබරවාරී මාසයේ දී 57%ක් දක්වා ඉහළ අගයක තිබූ මෙය මාස 5ක් ඇතුළත 38%ක් දක්වා පහත වැටී ඇත.
මේ අතර 'රට ගැන තෘප්තිය' එනම් සමස්තයක් වශයෙන් අද වනවිට මෙරට කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද ?, නැතිද ? යන්න පිළිබඳ ජනතා මතය ජූලි මාසයේ 38%ක් දක්වා අඩුවී ඇත.
මෙය ඉකුත් පෙබරවාරි මාසයේදී 59%ක් ලෙස දැක්වුණි.
'රට හිතන හැටි' මත විමසුම, වේරිටේ රිසර්ච් ආයතනයේ ජනමත සමීක්ෂණයේ කොටසක් වන අතර, එමගින් සාර්ව දේශපාලන විග්‍රහයන්වලට අමතර කරුණු එකතු කරනු ලැබේ.
මෙම නවතම සමීක්ෂණය, දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් වශයෙන් වූ පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 2,013 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් 2026 ජූලි 11 - 30 කාලය තුළ පවත්වා තිබුණි.
https://sinhala.adaderana.lk/news/230235
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
අගෝස්තු 14 වනදා යොමු කළ ලිපියකින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට එම සාකච්ඡාවේ වීඩියෝ පටිගත කිරීමේ කොටසක් පමණක් තමන්වෙත ලැබී ඇති බවය.
එම වීඩියෝවෙන් ලබාදී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක සාකච්ඡාවක කොටසක් පමණක් වන අතර ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොමැති බව එම ලිපියේ සඳහන් වෙයි.
ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම් නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් ද ඇතුළත් සම්පූර්ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස එම සංගමය ඉල්ලා ඇත.
එමෙන්ම හැකි හොඳම ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් අදාළ වීඩියෝව ලබාදෙන ලෙසද නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇත.
ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයින්ගේද සහාය මේ වන විට ලබාගෙන තිබේ.
ඇතිවූ නොසන්සුන්තාවලින් මේ වනවිට රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද වාර්තා වේ.
මේ තමයි 2023 අංක 9 දරණ වර්ථමාන දූෂණ විරෝධී පණතට මාලිමාවෙ පුනරුදා ආන්ඩුව ගේන 2026 අංක 51 දරණ සංශෝධනය.
මේක ගෙනාවට පස්සෙ ඔය වසන්තලගෙ, ලාල්ලගෙ, නාමල්ලගෙ වත්කම් බැරකම් ප්‍රකාෂ වල තියෙන අසාමාන්‍ය වත්කම් ගැන කිසිම කෙනෙකුට කිසිම මාධ්‍යක ප්‍රශ්ණ කරන්න කතා කරන්න බෑ.
වර්තමාන පණතෙ තියෙන වැදගත්ම දෙයක් තමයි සියලු රාජ්‍ය නිළධාරීන් සහ මන්ත්‍රීවරුන් , ජනාධිපති ඇමතිවරුන්ගෙ වත්කම් බැරකම් ප්‍රකාෂ මහජනතාවට බලාගන්න පුලුවන් විදිහට වෙබ් අඩවියකට ඇතුල කරන එක. එතකොට අපි දන්නව අපේ දේශපාලකයොන්ගෙ ඇත්ත වත්කම්.
මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලෙ IMF උපදෙස් මත ගෙනා ඉතාම වැදගත් දෙයක්. මොකද ඊට කලින් ලංකාවේ ඡන්දයට එන අය වත්කම් බැරකම් ප්‍රකාෂ කරන්න ඕන කියල තිබ්බට, ඒක කලාද නැද්ද, ඒවගෙ තියෙන්නෙ මොනවද කියල කවුරුත් දන්නෙ නෑ.
දැන් මේ හදන්නෙ ඒක ආයෙ වහන්න..ඇයි ඒ?
ලංකාවේ නීතිය අනුව දූෂණ සහ වංචා වලට නඩු දාන්න පුලුවන් නීතිපතිට සහ අල්ලස් කොමිසමට විතරයි. අපිට තියෙන්නෙ ඒ අයට පැමිණිලි කරන්න.
එතකොට පැමිණිල්ල යට ගැහුවම වැඩේ ක්ලෝස්.
කොහොමද මාලිමාවෙ ආන්ඩුව දූෂණය වංචා දූෂණය නැති කරන ලස්සන..🤣
කිරියෙත් කතාවක් යනව: ඇතුලට එන්න මගෙ ආදරනීය ජේවීපී යාලුවනේ - transparency ගැන ටෝක්ස් දීලා ආපු උන් වත්කම් පනත වෙනස් කරන්න යනවලු නේද? 🤭🤭
උපුටාගැනීමක් ☝☝
👉 පින්තූර කමෙන්ට් එකේ
හැමෝම වගෙ මේ දවස් වල ප්‍රශ්න කරනව ඇයි ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට අත ගහන්නෙ කියල. නීතිඥ සංගමේ නම් “මේ අදූරදර්ශී තීරණයට තදින්ම විරුද්ධයි” කියල තිබ්බ. එයාල නම් ඉතින් මේ ගැන අවබෝධයක් තියෙන නීතිය දන්න අයනෙ. සාමාන්‍ය ජනතාව විදියට ඔයාලට මොකද හිතෙන්නෙ මේ ගැන? හොඳයිද මේ ආණ්ඩුව 2/3ක් තියාගෙන කරන වැඩේ?
https://sinhala.adaderana.lk/news/229204
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් නිර්දේශ කර තිබේ.
කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ පෙරහැරෙන් ඉවත් කළ කාවඩි කණ්ඩායම් කිහිපයකට මෙවර අනිවාර්යයෙන් අවස්ථාව ලබාදිය යුතු බවට තර්ජනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වන තවත් හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර, ඉකුත් ජූලි 21 වනදා දේවාලය ආසන්නයේ නිවසකට වෙඩි තැබීමක්ද සිදුව තිබේ.
මෙවන් පසුබිමක, ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් බුද්ධි තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමුකර ඇති බව සඳහන් වේ.
අදාළ ලිපියෙන්, කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පාර්ශ්ව අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයන් කාවඩි නර්තන කණ්ඩායම් සමඟ එක්වීමට ඉඩ ඇති බවත්, ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇතිවී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් අදාළ ලිපියෙන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම, කාවඩි නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී ඩ්‍රෝන යානා යොදාගෙන තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව, කාවඩි නර්තන කණ්ඩායම් පෙරහැරේ ගමන් කිරීම තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.
එම නිර්දේශ මත දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙවර දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය නොපැවැත්වෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය.
ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි.
කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.
මේ වගෙ දක්ෂතා තියෙන ක්‍රීඩකයොන්ව නඩත්තු කරන එක වෙනස්. ඇමතිතුමා කියල තිබ්බ සල්ලි දෙන්න බෑ කියල. මට නම් හිතෙන්නෙ මේ වගෙ ක්‍රීඩකයොන්ට නම් සල්ලි වියදම් කරත් කමක් නෑ ටිකක් වැඩියෙන් අර ජවිපෙ දේශපාලක නායකයොන්ගෙ පවුල් නඩත්තු කරනවට වඩා. හැබැයි මේ ඉතින් මට හිතෙන දේ විතරයි. ඔයාලට මොකද හිතෙන්නෙ මේ ගැන?
https://sinhala.adaderana.lk/news/228801
මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, ඉන් සිදුවන බදු පාඩුව, සුවසැරිය සඳහා වසරකට වෙන්කරන මුදල් ප්‍රමාණය මෙන් අට ගුණයක් බවය.
මෙම අනීතික ක්‍රියාව නැවැත්වීමට රජය වහා කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය ආරම්භ කෙරුණි.
එවන් පසුබිමක ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා තිබු නීතිවිරෝධි මත්පැන් බෝතල් අවස්ථා කිහිපයකදී දිවයිනේ ස්ථාන කිහිපයකින්ම පසුගියදා සොයා ගැණින.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, මේ හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවය.
"මට පේන මහා ලොකු මගඩියක් මෙතන සිද්ධ වෙන්නේ. බදු එකතු කරන්න ක්‍රමයක් හැටියට තමයි ඔය ස්ටිකර් එක පාවිච්චි කළ යුතුයි කියන තීරණයට ඇවිල්ලා තිබුණේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ස්ටිකර් හොරට ගහනවා ද කියන වැඩේ. මේ ළඟදී මේ සුරාබදු එකෙන් අහන කොට දැන් මේ හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවා කිව්වා. නෑ නෑ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඔක්කොම වාගේ දැන් හරියට සිද්ධ කියලා මං හිතන්නේ දවස් තුන හතරක් ගියේ නෑ. මහා විශාල එකක් කරලා මේ මාලඹේ පැත්තේ අහුවෙලා තිබුණා මහා විශාල තොගයක්.
දැන් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ? හොරට ගියේ. එක පැත්තකින් ඒක ගියේ ඒගොල්ලොන්ගෙන්ම ආයතනයෙන්මද? හොර ක්‍රමයකට එහෙමත් නැත්නම් වෙන කවුරුහරි එව්වා ගහලා ද? එතකොට මේ දෙකම වෙන්න බෑනේ.
මට අදාළ වෙන්නේ මුදල් කමිටුවේ සභාපති හැටියට මේ ආදායම් අහිමිවීම. ඉතින් මේ හොර ස්ටිකර් ගහලා දූෂිත ක්‍රමවේද හරහා රජයට, භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල අහිමි වෙනවා නම් ඒක මහ ලොකු දැවැන්ත පාඩුවක්. අපි සුව සැරියට වියදම් කරන ප්‍රමාණය වගේ අවුරුද්දකට මගේ ගණනය කිරීම ඒ වගේ අට ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා."
https://sinhala.adaderana.lk/news/228761
සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඒ පිළිබඳ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අද (17) චෝදනා කළේය.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්රහාරය එල්ලකළ සහරාන්**** හෂීම් ඇතුළුව ජාතික තව්හිද්** ජමාත් සංවිධානයේ අනුගාමිකයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් රාජ්ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට**** යොමු කර තිබූ**** බවට**** ජනක් ද සිල්වා** කොමිසම*් *වාර්තාවේ සඳහන් කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ 2019 ජනවාරි 31 වැනිදා."
"ISIS ත්‍ර*ස*්ත සංවිධානයේ මතවාද මෙරට තුළ ක්‍රියාත්මක**** කරන**** පුද්ගලයින්ගේ *නම් එම වාර්*තාවේ**** ඇතුළත් වුණා. තොරතුරු සම්භාරයක් ලැබී තිබියදීත් අපරාධ පරීක්ෂණ** දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගත් පියවර කුමක්ද? ඊට අමතරව**** 2018 වසරේ පාකිස්තානු**** බුද්ධි**** අංශය ද ඉස්ලා*මීය අන්ත*වාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට මෙරට ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුණා."
"මෙතරම් තොරතුරු ලැබී**** තිබියදීත් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අත්අඩංගුව****ට ගැනීමට වග උත්තරකරුවන් කටයුතු නොකළේ ඇයි ?" යනුවෙන් ප්‍රශ්න මතුකළ ජනාධිපති නීතිඥවරයා මෙලෙස වගකීම් විරහිතව ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
"වරක්**** එක් නඩුකරයට එවක රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ලබාදී තිබූ** දිවුරුම**්**** පෙත්සමක** සඳහන් කර තිබුණා**** 2017 *වසරේ ඔක්ත*ෝ*බර් මස 3*1**** වැනිදා**** සිට ප්රහාරය සිදුවන අවස*්ථාව දක්*වා සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමික*යින් සිද*ූකළ සහ සිදුකිරීමට**** සූදානම*්ව සිටි අන්*තවාදී ක්රියා**** පිළිබඳ*ව *වාර්තා 97 ක් පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ බව. එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවත් එහි සඳහන්."
**"ඊට අමතරව මාවනැල***්ල බු*දුපිළිම ප්‍රහාර සිද්ධිය,**** වනාතවිල්ලුව**** පුපුරණ**** ද්‍රව්‍ය සොයාගැනීම වැනි සිද්*ධීන් සම*ග**** සහරා*න් සහ අ*නුගාමිකයන්ගේ**** සම්බන්ධය අනාවරණ වී**** තිබුණා.**** රාජ්ය බුද්ධි සේවයේ නිලධාරියෙකු වන කෝනාර බණ්ඩාර ඔවුන් සැඟවී සිටින බව සැකකෙරෙන ස්ථාන පිළිබඳවත් තොරතුරු ලබාදී තිබුණා."
"අපරාධ**** පරීක්ෂණ දෙපාර්තමේන්තු*ව ක්*රියාත්මක වුණා නම්**** පාස්කු**** ප්රහාරය ඇතිව*ෙන්නේ නැහැ කි*ය*ා ද එම නිලධාරියා වරක් කොමිසමකදී ප්‍රකාශකර තිබෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
"2019 අපේල*් මස 04 වැනිදා**** ඉන්දීය**** රෝ**** බුද්ධි අංශය**** මෙරටට දැනුම්**** *දී තිබුණ*ා**** සහරාන් ප්රමුඛ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ අනුගාමිකයි*න් ප්‍ර*හාරයක් එල්ල කිර*ීමට සැලසුම්* කරන බවට. මේ පිළිබඳව රා*ජ්‍ය බුද්ධි සේ*වයේ හිටපු**** අධ්යක්*ෂ *නිලන්ත ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිටපත් යොමුකර තිබුණා."
**"එම ලිපි***ය අප*රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යේෂ්ඨ නියෝජ*්‍ය පොලිස්ප*ති රවී සෙනෙවිරත්න මහතාගේ කාර්යාල****යට යවා තිබෙන්නේ 2019 වසරේ අප්‍රේල්**** මස 09 වැනිදා. නමුත් එය රවී සෙනවිරත්න**** මහතා අපරාධ පරීක්ෂණ** දෙප*ාර්***තමේන්තුවේ** නියෝජ්‍ය පොලිස්පති**** නාගහවත්ත වෙත යොමු කර තිබෙන්නේ 2019 වසරේ අපේල් මස 16 වැනිදා. එය නියෝජ්‍ය පොලිස්පතිවරයා අධ්‍යක්ෂවරයා වෙත යවා තිබෙන්නේ අපේල් මස 22 වැනිදා. ඒ කියන්නේ ප්‍රහාරය එල්ල වී පසුදා."
** **
"මේ**** සම්බන්ධයෙන් අපරාධ *පරීක්ෂණ දෙපා*ර්තමේන්තුවේ**** එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා** ජ**නක් ද සිල්වා කොමිසමට ප්‍රකාශයක් ලබාදී තිබුණා.** ඔහු සඳ**හන් කර තිබුණා**** සම්මන්ත්‍රණයක්** සඳහා තමා 2019 අපේල්** 07**** වැනිදා දිවයිනෙ*න් බැහැ*ර*ව ගොස් යලි* ශ්‍රී ලංකාවට පැමිණියේ**** අපේල්**** 13 වැනිදා බවට****.**** යළි** සේව*යට වාර්තා කළේ අප්‍රේල් මස 16 වැනිදා බවත් ඔහු සඳහන් කර තිබුණා. එම ලිපිය රවී සෙනවිරත්න මහතාගේ කාර්යාලයෙන් පිටතට ගොස් තිබෙන්නේ 19 වැනිදා."
**"එම ලිපි**යේ ස*ඳ*හන් සහරා*න් හෂීම් ඇතුළු අන*්තවාදී කණ්ඩාය*මේ ක්‍රියාකාරකම් පිළිබඳ*ව අපරා*ධ**** පරීක්ෂණ**** දෙපාර්තමේන්*තුව ඒ වන* විටත් දැන සිටි**** බව ඔහු ප්‍රකාශ**** කර තිබෙනවා. '*මේ* ගැන** අපර**ාධ පරීක්ෂණ**** දෙපාර්තමේන්තුවට ****ගත **හැකි පියවරක් නැහැ ස්වාමීනී' යනුවෙන් රවී සෙනවිරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශකර තිබුණා" යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙවැනි පුද්ගලයින් පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව වර්තමාන පරීක්ෂණය සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
පෙත්සම වැඩිදුර සලකාබැලීම ලබන 21 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.
මෙතන කරල තියෙන්නෙ පාරවල් දෙක තුනක් ලොකු කරන එක විතරයි. එහෙම දෙයක් කරල (කරලත් නෑ තාම කරන ගමන්) මෙහෙම විඩියෝ එකක් දාන එක ගැන මොකද ඔයාලට හිතෙන්නෙ?
පොඩ්ඩක් කල්පනා කරල බලන්න (🤌) මේ වගෙ සිනමා වලට යන්නෙත් කාගෙ සල්ලිද කියල
ඉස්සර කැමරා අරගෙන ගිහින් සංදර්ශන දානව කියල වේදිකාවල කෑ ගහපු අයම අද නලුවො, නිෂ්පාදකවරු වෙල
👉 සිනමාකෘතිය කමෙන්ට් එකේ (ඔක්කොම බලන්න බෑ අප්පිරියයි ඒ නිසා බාගයක් බලල නැවැත්තුව)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉදිකළ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි සුප්‍රසිද්ධ ඇවිදින මංතීරුව මේ වන විට අබලන් වී ඇති බවත් යමෙකුට බරපතළ අනතුරක් සිදු වීමට පෙර මේ පිළිබඳව සොයා බලන ලෙසත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටී.
මීට වසර පහළොවකට පමණ පෙර ඉදි කරන ලද මෙම මංතීරුව කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචි බොහෝමයක් දෛනිකව භාවිත කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, වත්මන් නඩත්තු කටයුතු අඩාල වීම හේතුවෙන් මංතීරුවේ මතුපිට ගැලවී ගොස් තියුණු ගල් පොළොවෙන් ඉහළට නෙරා විත් ඇති බවත් වයෝවෘද්ධ පුද්ගලයින් මින් ඇද වැටී තුවාල ලැබීමේ දැඩි අවදානමක් පවතින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර ඇත.
එමෙන්ම, මංතීරුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රැගෙන ආ පස් ද මාස ගණනාවක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් දක්වා තිබේ.
යමෙකුට බරපතළ අනතුරක් සිදුවීමට පෙර මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවරක් ගන්නා ලෙස ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය X පණිවිඩය හරහා නගරාධිපතිගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මෙම X පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාළ අමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු බෙදා ගැනීම පිළිබඳව ඇය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සිය කෘතඥතාවය ද පළ කර ඇත.
බලපන් කොටුවට ගිහින් පේමන්ට් එකේ යන්න විදියක් නෑ..සේරම පේමන්ට් කාරයෝ...ඇගේ හැපෙනවා...ලංකට් මුනේ අතුල්ලනවා...ගනින් ගනින් කිය කිය..බඩු පොට් අම්බානෙක....යකෝ රටේ ප්‍රධාන මර්මස්තානය බලු වටින්නෑ..
දෙලුම්..දොඩම්...ඒ පැත්තෙන්..අනික් පැත්තෙන් ගන්දස්සාර හෝටල්...මම නම් හිතන්නෑ..ලොවෙත් ඕවා පීඑච් අයි ලා ටෙස්ට් කරන්න එනවා කියලා..
මොනව නැතත් ගෝටා ගේ කාලේ නම් සිරාවට ලස්සනට කොටුව තිබ්බා..උන්ව එක පැත්තකට සෙට්කලා..දැන් ඒ සෙට් කරපු පැත්තේ තියෙන්නේ ප්‍රයිවට් බස්..ගුනසිංහ පුර බස් ස්ටෑන්ඩ් එකට ගියාම කුඩ්ඩෝ විමානේ...
බස් කොන්දලා....ඉන්නේ අයිස් ගංජා කුඩ්ඩෝ...උන්ගේ ඇගේ නිල ඇදුමවත් නැහැ..සුපිරි රස්තියාදුකාර වයිබ් එකක් එන්නේ
පොල් සයිස් මීයෝ මගේ ගාවින් ගියේ යකෝ..අර වැව ගාවා....ලස්සන හෝටල් හදලා ..හංස බෝට්ටුත් දැම්මා..දැන් ඒක නම් අප්පිරියයි.
කිරියෙන් ගත්තෙ
"බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව තහවුරු කළා.." - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
වැඩිවිස්තර - https://sinhala.adaderana.lk/news/228419
මතක ඇති කලින් ආණ්ඩු වලින් මේ මාලිගාව ලඟම තියෙන හිර ගෙදර ඔතනින් අයින් කරා. එතන හෝටලයක් හරි කඩ වලට හරි දෙන්න ප්ලෑන් එකක් තිබ්බෙ. කරන්න හම්බ උනෙ නෑ ආණ්ඩු මාරු උන නිසා.
දැන් මේ ආණඩුවෙන් කරන්න යන්නෙ එතන ආයෙ හිර ගෙදර දාන එක. අච්චර තදබදයක් තියෙන නගරෙ මැදින් අයින් කරපු හිර ගෙදර ආයෙ එතන දාන්න යන්නෙ.
දැන් පැලවත්තෙ ෆේස්බුක් පේජ් ටික දානව ආයෙ බෝගම්බර පණ ගහල එනව කියල.
මේකද යෝධ සංවර්ධනේ? 🤭
👉 පින්තූරය කමෙන්ට් එකේ
“මෙය කිසි සේත්ම ප්‍රජාතන්ත්‍රන්ත්‍රවාදි මානව හිමිකම් පිළිබඳ ඇගයීමක් තියෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි!”
👉වීඩියෝ එක කමෙන්ට් එකෙන් බලන්න (මේකෙ මට දාන්න දෙන්නෙ නෑ videos)
මිනිස්සු තමයි අභියෝග බාරගන්නේ ...!
මිනිස්සුම තමයි හාස්කම් පෙන්වන්නේ ....!!
මිනිස් හයියෙන් තමයි මේ හැමදේම ගොඩනැගෙන්නේ ...!
හැකිනම් කරනු ...!! නොහැකි නම් කෙසේ හෝ කරමු...!!
නුවරින් පලමු දුම්රිය මැදිරිය පටවයි ....!!
හාස්කමේ පින්තූරෙ කමෙන්ට් එකක තියෙනව. මට පින්තූර දාන්න දෙන්නෙ නෑ මේකෙ
🤭 අනිත් අතට පත්තු වෙන්න වගෙ යන්නේ…
වැඩ කරන තැන කොල්ලොන්ට ගහන්න කිසිම අයිතියක් නෑ ඌ එතන අයිතිකාරය කියල.
ඒත් මට විතරද හිතෙන්නෙ දැන් මේ සිද්දිය අල්ලගෙන වෛරයෙන් ඉරිසියාවෙන් ඉන්න කුහකයො රංචු පිටින් එලියට බැහැල ඉන්නව කියල මේ සිද්දිය ආයුධයක් කරගෙන?