u/Just_Free_Soul

දුවිලි බැදුනු අදහස් 2.

ගොඩක් කාලෙකට කලින් එක දවසක තැඹිලිපාට හැන්දෑවක පුංචි ළමයින් ගොඩක් ඉන්න ගෙදරකට "ඒවන්" ඇවිත් තිබුනා . මිනිස්සු කියන විදියට නම් ඒ ළමා නිවාසයක්ලූ .

එයා ඇවිත් තිබුනේ විශේශ වැඩකට. හරියටම කිව්වොත් දෙයක් හරිගස්සගන්න. මන් හිතන්නේ මීට අවුරුදු පහක් විතර පරණ දෙයක් !! පාලසිමුන්දු වල යුද්දේ සිද්ධ උන කාලේ තරන් පරන වැඩක්. !!

ඒවන් ගොඩක් වෙලා ලොකු අවධානයකින් ලී බංකුවක වාඩිවෙලා කොරිඩෝව කෙලවර තියෙන දොර දිහා බලන් හිටියත් එයාගේ අවධානය වෙනස් වුනේ  තමන් ගාවින්ම බංකුවේ දුබුරු පාට චොක්ලට් පෙත්තක් එක්ක ඉන්න පුංචි ගෑණු ළමයා නිසා. 

  ඒඑක්කම ඒවන්ට දැනගන්න ඕනවුනා ගැණු ළමයා දැන් ගොඩක් වෙලා ඉදන් කන දුබුරු පාට චොක්ලට් පෙත්තේ රස එයා කාලා තියන චොක්ලට් වල රසමද කියලා.

ඒනිසාම ඒවන් ගෑණු ළමයා අතේ තිබ්බ චොක්ලට් පෙත්තෙන් කොටසක් කඩන් කටේ දාගත්තා.

ඇස් ලොකු උන පුංචි ගෑණු ළමයා ටික ටික අඩන්න මූණ හදාගන්නවා දැක්ක ඒවන් එයාගේ අත මිටිමොලවන් ගැහැනු ළමයගේ දිහාවට දිගුකරා. 

මොනාද තියෙන්නේ බලන්න ඒ දිහාවට තමන්ගේ උනන්දුව වැඩිකරපු පුංචි ගෑණු ළමයව දැක්ක ඒවන් හිමින් එයාගේ අත දිග අරිනකොටම  දිලිසෙන නිල්පාට පිහාටු තියෙන පුංචි සමනලයෙක් එළියට ඇවිත් පුංචි ගෑණු ළමයා ලගින් පියඹලා යන්න ගියා. 

අන්තිමේදි සම්පූර්ණයෙන්ම ඇරුනු අල්ලේ තිබ්බ පුංචි දිලිසෙන මල ගැහැණු ළමයා අතින් තිබ්බ ඒවන් හිනාවුනා. 

" මිස්ටර් ඒවන් "

" ඔව් ඒ මම "

මෙච්චර වෙලා බලන් හිටපු දොර ඇරිලා තමන්ගේ නම කතා කරනවා දැක්ක ඒවන් තමන්ගේ දුඹුරුපාට දිගු කබාය හරිගස්සගෙන නැගිටුනා.

හරියටම පැයකට විතර පස්සේ ඒවන් පුංචි හුරතල් පිරිමි ළමයෙක්ත් එක්ක හරිම සතුටින් ලස්සනට හිනාවෙන ගමන් ළමානිවාසයෙන් ඉවතට ඇවිදන් ආවා.

" හොදයි පුංචි ළමයෝ අපි ගෙදර යන් "

ඒවන් තමන්ගේ දඹරගිල්ල වටකරන් ඉන්න පුංචි ඇගිලි අයිති අවුරුදු පහක පිරිමි ළමයට කිව්වා.

අනික් අතට ඒවන් ළමානිවාසයෙන් එළියට අඩිය තියනකොටම වගේ අර ගැහැණු ළමයට දීලා තිබුනු දිලිසෙන මල හිමින් හිමින් වෙනස් වෙන්න ගත්තා.

 හරියටම කිව්වොත් ඒවන් පුංචි පිරිමි ළමයවත් අරන් කොහෙන්දෝ එකපාරම ආව අශ්වකරත්තයකට නගින කොට ඒ මල පුංචි දිලිසෙන තරු වගේ පේන කුඩු ගොඩක් වෙලා අතුරුදහන් උනා. 

අර පුංචි ගෑනු ළමයා හිතන්නත් කලින්ම........... 

..................................... 

" කොහොමද පුංචි ළමයෝ , මොකද්ද ඔයාගේ නම " 

ඒවන් දිලිසෙන ඇස් ටිකක් හිනි කරලා පිරිමි ළමයගෙන් ඇහුවා. 

පිරිමි ළමයා පොඩියි ඊටත් එයා හිටියේ ලොකු ප්‍රශ්නෙක..... 

තමන් ළගින් වාඩිවෙලා ඉන්න කඩවසම් පිරිමි කෙනාගේ වගේ මගේ කකුලුත් දිග නැත්තේ මොකෝ කියලා පිරිමි ළමයා ඒවන් දිහා බලන් කල්පනා කලා

" මේ අහන්නකෝ පීනට් , කොහොමද මිනිස්සු ඔයාට කතා කරන්නේ " 

" 28 ? " 

පිරිමි ළමයට දැන් චුට්ටකට කලින් ලැබුන හුරතල් නමට සතුටින් කිව්වම එවන් නලල රැළි කරගත්තේ දරුවගේ ඇත්ත නම වෙනස් උන එකට.

" අයියෝ , එක නෙමේ දරුවෝ ඔයාගේ නම , ඉන්න මන් හරියටම කියන්න  " 

ඒවන් එහෙම කියන ගමන් එයාගේ දිග ඇගිලි එයාගේ මූණ ගානට ඉස්සුවා. 

පුදුම හිතෙන දේ තමා තත්පර ගානකින් එකපාරම කොහෙන්දෝ එයාගේ අතට පුංචි පොතක් ඇවිත් තිබ්බ එක.... මන් හිතන්නේ  ඒ පුංචි පොත ඒවන්ගේ ඇගිලි අතර හරි ඉක්මනට මැවුනා..... 

එයා එකේ පිටු පෙරළන ගමන් මොනාද හෙව්වා. 

" මේතියෙන්නේ..... ඔයාගේ නම....... " 

කලින් දාපුවා ඩිලිට් උනා අනේ

© u/Just_Free_Soul

reddit.com
u/Just_Free_Soul — 1 day ago

හැමදේම පටන් ගත්තේ මහන්සි දවසකින්

නගරය කෙලවරම තිබුන කිරි සුදු පාට, පැණි රස සුවඳින් පිරිපුන් අවන්හල තරමක් කලබලකාර උනේ අද ඊයෙක නම් නෙමේ. එතන අයිති වෙලා තිබුනේ ලස්සන ජෝඩුවකට.

අවන්හලේ වීදුරු ජනේල වලින් ගලන දීප්තිමත් හිරු එලියත් , නැවුම්ව පිලිස්සෙන ඩෝනට් හා කුකීස් වල සුවදත් නිසා එතන මිනිස්සු ඇදිලා ආපු එක පුදුමයක් නෙමේ.

මුලු අවන්හලම සතුටින් පිරි ආරම්භයක් වගේ දැනුනා. 

 අවන්හල ඇතුලේ ඉන්න ලැවැන්ඩර් පාට ඒප්‍රන් එකක් තමන්ගේ හීනි ඉනට තද කරන් ඉන්න මිල්ක් චොක්ලට් කොන්ඩය පරිස්සමට උඩින් ගැටගහන් ඉන්න ගැහැනු ලමයගේ මුහුනේ හැම වෙලේම හිනාවක් රැදිලා තිබුනා. 

මට කියන්න ඔයාලා මේ තාලේ කතාවක් කියවන්න කැමති අය ඉන්නවද ?

© u/Just_Free_Soul

reddit.com
u/Just_Free_Soul — 5 days ago

මාතෘකාවක් නැති කතාවක්

මන් හිතන්නේ අපි මේ ලෝකෙට අවෙම මොකක් හරි අපිට ආවේනික වැඩකට .

මන් නම් ආවේ කතාවක් අහන්න බලන් ඉන්න ලස්සන හදවත් වලට මගේ පුංචි කම්මැලි කතාවක් තවරලා යන්න.

මන් සමාන්‍ය මනුස්සයෙක් නෙමේ අවුරුදු 23 උනත් කතා කියන අත්තම්මා කෙනෙක්.

පුංචි උණුසුම් ගෙදරක , පැද්දෙන පුටුවක වාඩි වෙලා. උණු කෝපි එකක් නිවෙන්න ඇරලා බලන් ඉන්න කෙනෙක්..

ඔයාලා කැමති නැද්ද මගේ කතා අහන්න.

© u/Just_Free_Soul

reddit.com
u/Just_Free_Soul — 5 days ago