
ලංකාවේ gaming & games industry එකේ ඉන්න අයට important දෙයක් කියන්න තියෙනවා.
Hey Guys,
ලංකාවේ games industry එකේ ඉන්න අයට important දෙයක් කියන්න තියෙනවා.
සමහර අය දැනටමත් දන්නවා ඇති THIS Weekend (Sunday - 24th May) එකේ LKGDC කියලා event එකක් Levelstair එකෙන් organize කරලා තියෙනවා. මේක ඔයාලා හැමෝම වගේ දන්න GDC කියන International Event එකේ Mini version එකක්.
මේකෙන් ලංකාවේ මෙච්චර කාලෙකට first time entire game dev community එකට එකතු වෙන්න chance එකක් හදලා දීලා තියෙනවා. මේකෙදි ඔයාලට Experts talks, Panel discussions, Game Showcases වගේ ගොඩාක් දේවල් බලාගන්න පුලුවන්.
ඒ වගේම තමා මේකෙ තව ලොකු benefit එකක් තියෙනවා. GDC international event එකේ වුනත් talks mainly තියෙන්නේ attendance/exposure එකට. Real Value එක තියෙන්නේ Networking Opportunities වල. මේකත් ඔයාලට ඔයාලගේ career එක හරි business එක හරි grow කරගන්න ගොඩාක් හොද opportunity එකක්.
ඔයා industry එකට එන්න ඉන්න කෙනෙක් නම් industry එකේ දැනට වැඩ කරන අය/ ඔයාලා join වෙන්න ආස company වල අය එක්ක කතා කරන්න. එයාලා මොන වගේ projects වලද වැඩ කරන්නේ කියලා දැනගන්න. දැනට තියෙන opportunities ගැන අහලා බලන්න. මේ විදියට ඔයා job එකක් හොයන කෙනෙක් වෙන්න පුලුවන්, ඔයාගෙම කියලා game එකක් හදන කෙනෙක් වෙන්න පුලුවන්, ඔයාගෙම කියලා game studio එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. මේ කාටවුනත් clients, partners, employees හොයාගන්න හොදම opportunity එකක් තමා මේක.
කෙනෙක් හිතනවා වෙන්න පුලුවන් ලංකාවේ හරි gaming industry එකක් නෑ, පලවෙනි එක නිසා ගිහින් වැඩක් නෑ කියලා. ඔව්, ලංකාවේ industry එක india වල industry එකෙන් 1% වගේ. ඔව්, ලංකාවෙන් profitable games 10 k වත් release වෙලා නෑ. ඒත් ලංකාවේ අය ගොඩක් fail වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොද games හැදීගෙන එනවා. ඔව්, මේවගෙනුත් ගොඩාක් fail වෙයි. ඒ මේ industry එකේ හැටි. ඒත් මේ mistakes වලින්ම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, කලින් අයට miss වුන opportunities අදුරගන්න මේ event එක හොදම chance එකක්.
ඔයාලට පුලුවන් event එක ගැන වැඩි විස්තර website එකෙන් බලාගෙන tickets book කරගන්න.
Link: https://event.levelstair.com/lkgdc/
Good luck!