u/Trick-Temperature-09

පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' බව කී නවුෆර් මවුලවි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කිව්වේ මොනවා ද?

පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' බව කී නවුෆර් මවුලවි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කිව්වේ මොනවා ද?

>"ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේ ම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා, අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහි මේ නඩුව තුළින් චෝදනා 940ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා,"

>"ස්වාමීනී... 2005 සහ 2006 වසරවල "දූරුල් අදර්" නමැති සංවිධානයේ සහරාන් හෂිම් කටයුතු කළා. පසුව සහරාන් හෂීම් එම සංවිධානයෙන් ඉවත් වී ජාතික තව්හීද් ජමාත් සංවිධානය නිර්මාණය කළා. මම එම සංවිධානයට විරුද්ධව යි හිටියේ. පසුව මා කටාර් රාජ්‍යයට පිටත්ව ගියා. කටාර්හි සිටින කාලයේ මම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටියා. සහරාන්ගේ NTJ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා. ලේ දන්දීම වැනි ප්‍රජා සේවාවන් ඉටු කිරීමේ අරමුණින් තමයි එය ක්‍රියාත්මක වුණේ. 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී ක්‍රියාකාරකම් මුදා හැර තිබුණා. මුස්ලිම් ජනතාවගේ දේපළවලට ප්‍රහාර එල්ල වුණා. ඉස්ලාමීය දේවස්ථානවලට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානි සිදුවුණා. ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම සිදුවුණා. මුස්ලිම් ජාතිකයින්ගේ පරිශ්‍රවලට ඌරු මස් විසි කිරීම සිදුවුණා. කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාළියක් ගමන් කළා. මේ සියල්ල සිදුවුණේ මහ දවල් පොලිසිය සහ ආරක්ෂක අංශවල ඇස් ඉදිරිපිට යි. නමුත් ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසි ම පියවරක් ගත්තේ නෑ."

>"මේ පිළිබඳව මා ගැඹුරු සොයා බැලීමක් සිදු කළා. එහිදී මා තේරුම් ගත්තා මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදී පිරිසකගේ ක්‍රියාවන් බවට පෙනී ගියා. එම ක්‍රියා පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබෙන බව මට තේරුම් ගියා. මේ පිළිබඳව ඉස්ලාමීය මවුලවිවරයකු වශයෙන් මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යැයි මා කල්පනා කළා. ඉස්ලාම් ජනතාව තම ආගමික පිළිවෙත් නිසි පරිදි පිළි නොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් මා කල්පනා කළා."

ඒ අනුව තමන් ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකළ බවත් විත්තිකරු ප්‍රකාශ කර සිටියේ ය.

>"2017 වසර දක්වා කාල සීමාව තුළ සහරාන් හෂීම් සමග මගේ කිසි ම සම්බන්ධතාවක් තිබුණෙ නෑ. නමුත් සහරාන් විවාහ වී සිටියේ මගේ ඥාති කාන්තාවක සමග යි. ඒ අනුව සහරන් මා දැනගත්තා. ඔහුගේ සහෝදරයා රිල්වාන්වත් මා දැන සිටියා. නමුත් පාස්කු ප්‍රහාරයට මගේ කිසි ම සම්බන්ධයක් නෑ,"

යනුවෙන් විත්තිකරු පැවසීය.

https://www.bbc.com/sinhala/articles/c4gvjrwev25o

u/Trick-Temperature-09 — 3 days ago
▲ 10 r/lankawa

ඩොලර් බිලියනයක් රටින් පිට කිරීම: වාණිජ බැංකු 4ක නිලධාරීන් සිව් දෙනෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වංචාසහගත අන්දමින් රටින් පිට කිරීම සඳහා ආධාර අනුබල දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වාණිජ බැංකු හතරක නිලධාරීන් සිව්දෙනකු අගෝස්තු 20 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අගෝ. 17 නියම කළේ ය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමග පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, සෙලාන් බැංකුවේ (Seylan Bank) ශිරාන් මාරියෝ පෙරේරා, යුනියන් බැංකුවේ (Union Bank) ධර්මලිංගම් ප්‍රසාන්ත් යන කළමනාකාරවරුන් සහ ⁣NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න සහ සම්පත් බැංකුවේ (Sampath Bank) උමේශ් රන්දික යන කනිෂ්ඨ බැංකු නිලධාරීන් ය.

සිද්ධියට අදාළව කරනු ලැබූ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන්න වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විදේශ රටවලට යැවීමට බැංකුවලට පහසුකම් සලසා දී ඇතැයි පෙන්වා දුන්හ.

එලෙස සලසා ඇති පහසුකම අවභාවිත කරමින් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ සංචිත වශයෙන් ඇති ඇමෙරිකානු ඩොලර් රටින් පිට කරන බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා, සිද්ධියට අදාළව කළ මූලික විමර්ශනවලදී සැකකරුවන් ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර, කොටුව ප්‍රදේශයේ පිහිටි මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදේශ රටවලට යවා ඇති බව හෙළි වූයේ යැයි දැනුම් දුන්නේ ය.

ඔහු තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ව්‍යාපාරිකයෙකු වන ජෙෆ්රි මොහොමඩ් නමැත්තා පුද්ගලයින් අට දෙනකුගේ නම් ඇතුළු ව්‍යාජ දත්ත ලබා දෙමින් ආයතන 36ක් පිහිටුවා තිබූ බවත් එම ව්‍යාජ සමාගම් 36 හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් අවස්ථා 199කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් මගින් විදේශගත කර සැකකරුවන් සේවය කළ බැංකුවලට සහ රජයට පාඩු කර ඇති බව ය.

සැකකරුවන් වෙන වෙන ම පෞද්ගලික ගිණුම් විවෘත කර ජෙෆ්රි මොහොමඩ් නමැත්තාගෙන් ලැබෙන ප්‍රතිලාභ අදාළ ගිණුම්වල තැන්පත් කරවාගෙන ඇති අතර පනස්දහස, හැත්තෑදහස්, ලක්ෂය, ලක්ෂ තුන වැනි මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි කී ඔස්වල්ඩ් පෙරේරා, අයථා අන්දමින් මුදල් උපයා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පැවසීය.

https://www.bbc.com/sinhala/articles/c9d8w572z6jo

u/Trick-Temperature-09 — 3 days ago

ඔබේ දරුවා සෝෂල් මීඩියාවල'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?

මෑතකදී මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඉහළ පහළ යන අතරතුර මා නෙත ගැටුණු වීඩියෝවක් විය.

එහි ඇතුළත් වූයේ තවමත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන බවට සිතිය හැකි වයසේ කුඩා පිරිමි දරුවෙකු පාසල් ඇඳුමකින් සැරසී සිදු කරන ඉදිරිපත් කිරීමකි.

මෙම ලිපිය කියවන ඔබ ද සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව දකින්නට ඇති ඉඩ ඉතා ඉහළ ය.

කථික ශෛලියකින් ඔහු ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීම ඉන්පසු දින කිහිපයක් පුරා ම සමාජ මාධ්‍ය තුළ එය වෛරල් වූ අතර, එම සිදුවීම වී දැනට සති කිහිපයක් ගතවී ඇතත් තවමත් එම වීඩියෝවේ කොටස් සමාජ මධ්‍යයේ විවිධ මීම් සහ හාස්‍යජනක අදහස් දැක්වීම්වල දැකිය හැකි ය.

ඉන්පසුව නැවතත් එවැනි දරුවන් කිහිපදෙනෙකුගේ වීඩියෝ, මා ෆෙස්බුක්හි සැරිසරන අතරතුර දැකිය හැකි විය.

ඇතැම් වීඩියෝවල එම දරුවන් සමච්චලයට ලක්වන ආකාරයේ කමෙන්ට් රාශියක් ද දැකගත හැකි විය.

කුඩා ගැහැනු දරුවන්, පිරිමි දරුවන් මෙලෙස සිදු කරන ඉදිරිපත් කිරීම් පමණක් නොව වයස අවුරුදු 1ට අඩු හෝ වයස අවුරුදු 1-2 අතර දරුවන්ගේ වීඩියෝ ද මා හට එලෙස හමුවූ වීඩියෝ අතර විය.

මේ බොහොමයක් ගිණුම් දරුවාගේ දෙමව්පියන් විසින් පවත්වාගෙන යන ඒවා බවට නිරීක්ෂණය වූ අතර, ඇතැම් ඒවා එම දරුවන්ගේ සමීප ඥාතීන් විසින් පවත්වාගෙන යන ඒවා බව නිරීක්ෂණය විය.

#'දරුවන්ට අවස්ථාවක් ලබා දෙන අරමුණින් ආරම්භ කළ දෙයක්'

මා විසින් නරඹන ලද වීඩියෝවේ සිටි කුඩා පිරිමි දරුවාගේ දෙමව්පියන් සහ මාගේ ඇස ගැටුණු තවත් එවැනි කුඩා ගැහැනු දරුවෙකුගේ දෙමව්පියන් සම්බන්ධ කරගැනීමට මා උත්සහ කළේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දරන අදහස සම්බන්ධයෙන් දැනගැනීමට යි.

කුඩා දැරියගේ මව සහ පිරිමි දරුවාගේ පියා සම්බන්ධ කරගැනීමට ඒ අනුව මට හැකි විය.

ඔවුන් දෙදෙනා සමග ම සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූ දෙයක් වූයේ ඔවුන් එලෙස දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයේ පල කිරීමට හේතුවී ඇත්තේ, ඔවුන් පවසන දරුවන්ගේ හැකියාවන් සඳහා අවස්ථාවක් ලබා ගැනීම සඳහා ය.

>"අපි කලින් දවසේ රෑ මේකට සූදානම් වෙනවා. පහුවෙනිදට කියන්නේ මොකක්ද කියලා හදාගෙන නින්දට ගිහින් පහුවෙනිදා උදේ ඉස්කෝලේ යන්න දුව ලෑස්ති වුණාට පස්සේ උදේ 6.45ට විතර තමයි අපි වීඩියෝ කරලා දාන්නේ,"

අප සමග අදහස් දැක්වූ දැරියගේ මව පැවසුවා ය.

>"අම්පාර කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ මීඩියා පැත්තෙන්,"

ඇය අප සමග පැවසුවා ය.

ඒ නිසා සිය දියණියගේ දක්ෂතා පෙන්වීමේ අරමුණින් වසරකට පමණ පෙර එම ෆේස්බුක් පිටුව ආරම්භ කළ බව එම මව පැවසුවා ය.

අප විසින් සම්බන්ධ කරගත් වෛරල් වූ වීඩියෝවේ සිටි කුඩා පිරිමි දරුවාගේ පියා ද පැවසුවේ ඊට සමාන කතාවකි.

>"වයිෆ් තමයි කිව්වේ මෙහෙම පේජ් එකක් හදමු කියලා. ඒත් මට රැකියාවත් එක්ක ඒකට වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා එයා ම කමියුනිකේෂන් එකකට ගිහින් හදාගත්තේ,"

එම දරුවාගේ පියා පැවසුවේ ය.

https://www.bbc.com/sinhala/articles/cly5prxye48o

u/Trick-Temperature-09 — 7 days ago
▲ 29 r/lankawa

'IT රැකියා කප්පාදුවේ කම්පනය මා රෝහලක ඇඳක් මතට ඇද දැමූ හැටි'

රෙහාන් මීට මාස කිහිපයකට පෙර ලොව ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක නිරත වූ තරුණයෙකි.

ඔහු ආකර්ෂණීය මාසික වැටුපකට ද හිමිකම් කීවේ ය. ක්ෂේත්‍රයේ සිටින තම සගයින් මෙන් ඔහුට ද මූල්‍යමය වශයෙන් යහපත් ජීවන රටාවක ප්‍රතිඵල භුක්ති විඳීමට හැකියාව තිබිණි.

නමුත් තම වෘත්තීය ජීවිතයේ උන්නතිය වෙනුවෙන් වෙනසක් අපේක්ෂාවෙන් ගත් තීරණයක් දැන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කර තිබේ.

>"දැනට ඉතුරු කරලා තියෙන සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරන් Uber හරි PickMe හරි දුවන්න තමයි හිතන් ඉන්නේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

#රැකියා ස්ථානයෙන් රෝහලට

රෙහාන් බීබීසී සිංහල සමග පැවසූ පරිදි ඔහුට මෙම කම්පනය දරා ගත නොහැකි වී තිබේ. ඔහුගේ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය උග්‍ර වී වෙන දා ලබා ගන්නා ඖෂධ ලබා ගත්ත ද තත්ත්වය යහපත් නොවුණු බැවින් ඔහු රෝහලක් වෙත යාමට තීරණය කළේ ය.

>"මට නොදැනි ම ඩයරියා පවා පාස් වෙලා. මට සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් තියෙනවා. [ඒ තත්ත්වය වැඩි වෙලා] මම ඒ වේලාවේ සාමාන්‍යයෙන් ඒ වෙලාවට බොන බෙහෙත් ටික ගත්තා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ රෝහලට ගියා.

>"එතැනදි කිව්වා බොන බෙහෙත් විතරක් දීලා හොඳ කරන්න බැහැ, රෝහල්ගත වෙන්න වෙනවා කියලා. ඒ අය IV දීලා, පැය 24ක් විතර තියාගෙන ඉඳලා තමයි ඩිස්චාජ් කළේ," රෙහාන් බීබීසී සිංහල සමග පැවසීය.

බලාපොරොත්තු ගොන්නක් සමග තම වෘත්තීය ජීවිතයේ යහපත් වෙනසක් වෙනුවෙන් ගත් ඔහුගේ තීරණය එලෙස නොසිතු කම්පනයින් අවසන් විය.

https://www.bbc.com/sinhala/articles/cgmkeee77mzo

u/Trick-Temperature-09 — 9 days ago

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගත්තේ ඇයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

පොලිස්පතිවරයා පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (අගෝස්තු 10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී එලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

#පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කුමක් ද?

ඉකුත් සතියේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ, වත්මන් පොලිස්පතිවරයා මහ පාරේ මිනිසුන්ගෙන් ගුටි කා මිය යන පොලිස්පතිවරයා ලෙස ඉතිහාස ගතවනවා දැකීමට අකමැති බව ය.

>"හිටපු පොලිස්පතිවරුන් තුන් දෙනෙක්ට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව යටතේ ඉතා ඛේදනීය ඉරණම් තුනකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේ ම අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ඉතා ම ගෞරවයෙන් කියා සිටිනවා ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන එක පටන් ගන්න. මොක ද අපි කැමති නැහැ මහ පාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වෙනි පොලිස්පතිවරයා ඉතිහාසගත වෙනවට,"

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පවසා තිබිණි.

https://www.bbc.com/sinhala/articles/c4gk7gpvg9vo

u/Trick-Temperature-09 — 11 days ago
▲ 16 r/lankawa

ආදායම් බදු: ජනතාව රු. බිලියන 197ක් බදු ගෙවද්දී අය කර නොගත් බදු මුදල රු. බිලියන 960 ඉක්මවයි

2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා බදු දැල පුළුල් කිරීමට එවකට පැවති රජය කටයුතු කළේ ය.

ඒ අනුව, වක්‍ර බදු වැඩි කිරීම මෙන් ම, උපයන විට බද්ද වැනි ඍජු බදු වැඩි කිරීම හරහා ද බදු දැල පුළුල් කෙරිණි.

එලෙස ඍජු බදු අය කිරීමත් සමග රජය උපයන විට බද්දෙන් 2023 වසරේදී රු. බිලියන 144.95ක් ද, 2024 වසරේදී රු. බිලියන 197.57ක් ද, 2025 වසරේදී රු. බිලියන 201.12ක් ද උපයා තිබේ.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක 2024 ජූනි 30 දක්වා දේශීය අදායම් දෙපාර්තමේන්තුවට අය කර ගැනීමට නොහැකි වූ මුළු හිඟ බදු, දඩ සහ පොළී මුදල රු. බිලියන 961.4ක් බව විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

# මෙම හිඟ බදු නියෝජනය වන ආයතන මොනවා ද?

2024 ජූනි 30 දිනට මුළු හිඟ බදු, දඩ හා පොළී මුදලෙන් දළ වශයෙන් 63.83%ක් පහත සඳහන් ආයතන ව්‍යූහයන් විසින් ගෙවනු ලැබිය යුතු ඒවා ය.

රාජ්‍ය ආයතන (බැංකු, මූල්‍ය සංස්ථා හා සමාගම්) - 45

පෞද්ගලික මූල්‍ය සමාගම් - 101

ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන - 322

මෙම ආයතන ගෙවිය යුතු දැනට තාවකාලිකව අත්හිටුවා ඇති හිඟ බදු ශේෂය වන රු. බිලියන 565කට ආසන්න මුදලෙන් 27%ක් රාජ්‍ය ආයතන, 44%ක් පෞද්ගලික මූල්‍ය සමාගම් සහ 29%ක් ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතන නියෝජනය කරනු ලබන අතර, අය කර ගත හැකි හිඟ බදු ශේෂය වන රු. බිලියන 48.7න් 3%ක් රාජ්‍ය ආයතන, 17%ක් පෞද්ගලික මූල්‍ය සමාගම් සහ 80%ක් ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන ගෙවිය යුතු බදු වේ.

https://www.bbc.com/sinhala/articles/cdrvnm5xllno

u/Trick-Temperature-09 — 14 days ago

චාමිකගේ DNA පරීක්ෂණයක් කරන්නැයි ගුවන් නියමුවරියක කළ ඉල්ලීම ගැන අධිකරණය දුන් තීන්දුව

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (අගෝ: 4) ප්‍රතික්ෂේප කළේ ය.

සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු තැබී ය.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.

ඒ අනුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සදහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම පැමිණිල්ල ඉදිරි පියවර සඳහා ඔක්තෝබර් මස 9 වන දා නැවත කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර සිටියේ ය.

https://www.bbc.com/sinhala/articles/cp9e7801e7ro

u/Trick-Temperature-09 — 17 days ago
▲ 14 r/lankawa

යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

2006 වසරේ සැප්තැම්බර් මස 01 වන දා සහ 2007 වසරේ ජූනි මස 08 වන දා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරුට අයුතුසහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.

එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 08කි.

මෙම අධිචෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අතර එම චෝදනා භාර දීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය මගින් සිතාසි නිකුත් කිරීමට නියමිත ය.

https://www.bbc.com/sinhala/articles/clyq10rex7do

u/Trick-Temperature-09 — 18 days ago
▲ 20 r/lankawa

දින 36ක් මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික පියෙක් සහ පුතෙක් බංග්ලාදේශ ධීවරයින් පිරිසක් විසින් බේරා ගැනෙති

පියෙකු සහ පුතෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් තිබිණි. හදිසියේ ම ඔවුන්ගේ ධීවර යාත්‍රාවේ දෝෂයක් ඇති විය. ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙකු වෙනත් යාත්‍රාවකට නැග ආපසු පැමිණිය ද, පියා සහ පුතා ක්‍රියාවිරහිත වූ යාත්‍රාව ආපසු රැගෙන ඒමේ අරමුණින් එය අතහැර නොගියහ.

බංග්ලාදේශයේ සිට මුහුදු මාර්ගයෙන් දළ වශයෙන් නාවික සැතපුම් 1,300ක් පමණ දුරින් ශ්‍රී ලංකාව පිහිටා ඇත. මෙම දකුණු ආසියානු රටවල් දෙක එකිනෙකට ආසන්නව පිහිටා තිබුණ ද, ඒ අතර ඍජු සමුද්‍රීය දේශසීමාවක් නොමැත.

මහේෂ්කාලිහි කුටුබ්ජොම් යුනියන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සියාඋර් රහ්මාන්, සිය ධීවර යාත්‍රාවෙන් බෙංගාල බොක්කේ මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබිණි.

බෙංගාල බොක්කේ ගුලිර්ධාර් (Gulirdhar) ප්‍රදේශයේදී පාලනයකින් තොරව පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් දැක ඒ වෙත ගිය බව ඔහු BBC Bangla සේවයට පැවසීය. ඊට ආසන්න වූ විට, එම යාත්‍රාවේ එන්ජිම අක්‍රිය වී තිබූ බවත්, පුද්ගලයින් දෙදෙනෙකු අසනීප තත්ත්වයෙන් එහි හිඳගෙන සිටි බවත් ඔහුට දැකගත හැකි විය.

"මම ළඟට යන විට, එම පුද්ගලයින් දෙදෙනාට තමන් සිටි තැනින් නැගිට ගැනීමටවත් නොහැකි තත්ත්වයක් පැවති බව මම දුටුවා. ඔවුන් පැමිණියේ කොහේ සිටදැයි මම ඔවුන්ගෙන් විමසුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ සිට පැමිණි බව ඉඟි කළා. ඔවුන් කතා කළ වෙනත් කිසිදු භාෂාවක් අපට තේරුම් ගැනීමට නොහැකි වුණා," යනුවෙන් රහ්මාන් BBC Bangla සේවයට පැවසීය.

එම ධීවරයින් දෙදෙනා උදව් ඉල්ලා කෑගසමින් සිටි බව ඔහු පැවසීය. යම් අවස්ථාවකදී, ඔහු සහ ඔහුගේ යාත්‍රාවේ සිටි අනෙකුත් ධීවරයින් එම පුද්ගලයින් දෙදෙනාව යාත්‍රාවට නංවා ගත්හ.

"ඔවුන්ගේ භාෂාවෙන් කියපු කිසි දෙයන් අපට තේරුම් ගන්න බැරි වුණා. ඔවුන් 'Navy' (නාවික හමුදාව) සහ 'Coast Guard' (වෙරළාරක්ෂක බළකාය) යන වචන දෙක ම පමණක් දිගින් දිගට ම පවසමින් සිටියා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

සියාවුර් රහ්මාන් ප්‍රකාශ කළේ, එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා තම ධීවර යාත්‍රාව අත්හැර දැමීමට අකමැති වූ බව ය; ඒ අනුව, ඔහු ඔවුන්ව තම යාත්‍රාවට නංවාගෙන, ඔවුන්ගේ යාත්‍රාව ද පසුපසින් ඇදගෙන වෙරළ දෙසට ගමන් කර තිබේ.

පැය 14ක පමණ කාලයක් යාත්‍රා කිරීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනා ද සමග වෙරළට ළඟා වන විට බ්‍රහස්පතින්දා උදා වී තිබූ බව ද රහ්මාන් වැඩිදුරටත් පැවසීය.

https://www.bbc.com/sinhala/articles/c4g47gdngn9o

u/Trick-Temperature-09 — 23 days ago
▲ 13 r/lankawa

'මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි' - පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

​

2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේ ය.

මෙම පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගත කරණයකට ලක්වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.

ඉන් අනතුරුව මෙම පෙත්සම දෙසැම්බර් මස 04 වන දා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ය.

https://www.bbc.com/sinhala/articles/c79g8z9pp9eo

u/Trick-Temperature-09 — 28 days ago
▲ 19 r/lankawa

පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවට (FBC) රු. 150ක් වැඩිපුර ගත් පෞද්ගලික රෝහලකට ලක්ෂ 30ක දඩයක්

​

පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සඳහා රෝගයෙකුගෙන් අය කළ යුතු උපරිම මිල රුපියල් 400ක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති නියමයන්ට එරෙහිව යමින් පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක මුදලක් නීතිවිරෝධී ලෙස අය කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික රෝහලකට යාපනය අතිරේක මහේස්ත්‍රාත් එම්.එන්.එන්. හුසේන් මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කළේ ය.

විත්තිකාර රෝහලට මෙලෙස මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් නියම කළේ, අදාළ රෝහලට එරෙහිව අධිකරණය හමුවේ පැවති චෝදනාවට එම රෝහල වරද පිළිගැනීමෙන් අනතුරුව ය.

මෙසේ දඩ නියම වූයේ, යාපනය පාලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි Venus Speciality Hospital (Private) LTD රෝහලට ය.

https://www.bbc.com/sinhala/articles/cly9ng9lpn3o

u/Trick-Temperature-09 — 29 days ago
▲ 14 r/lankawa

'ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි': කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හදිසියේ ක්‍රීඩාවෙන් සමුගනී

ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා කිරීමට තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු නොවුණු බව" ය.

"ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," ඔහු එහි සඳහන් කර ඇත.

https://www.bbc.com/sinhala/articles/cvg079wl0jwo

u/Trick-Temperature-09 — 1 month ago
▲ 16 r/lankawa

දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති: පාරිභෝගික ඔබ අනිවාර්යෙන් ම දැනගත යුතු කරුණු

> ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, රැවුල බෑමේ සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා නව නීති හඳුන්වා දී ඇති අතර එම එක් එක් සබන් වර්ගවලට අදාළව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතික ලබා ගැනීම ද අනිවාර්ය වේ. එමෙන්ම, ඉහත සඳහන් සබන් වර්ගවල නිෂ්පාදන නාමය තද අකුරින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රධාන මුහුණතෙහි සඳහන් කළ යුතු ය. ඇසුරුම් කරන ලද නිෂ්පාදනවල ස්කන්ධය අනුව මුළු මේද ද්‍රව්‍ය ප්‍රතිශතය ලේබලය මත පැහැදිලිව සහ කැපී පෙනෙන ලෙස සඳහන් කළ යුතු අතර එම තොරතුරු මුද්‍රණය කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 2ක තද අකුරු භාවිත කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර ඇත.

> නව නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ විකුණනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සකස් කරන ලද දියර කිරි, SLS 1815 ප්‍රමිතියට අනුව, කිලෝග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 0.5 (0.5 µg/kg හෙවත් ppb) ක උපරිම ඇෆ්ලැටොක්සින් මට්ටමට අනුකූල විය යුතුය.

> පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2026 ජූලි මස 26 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද SLS 1732 සහ SLS 1748 ප්‍රමිති සහතික නොමැති සනීපාරක්ෂක තුවාවලට තහංචි පනවා තිබේ.

https://www.bbc.com/sinhala/articles/c79gz0055zzo

u/Trick-Temperature-09 — 1 month ago
▲ 14 r/lankawa

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් අප මෙතෙක් දන්නේ මොනවා ද?

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මියගොස් සිටියදී හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.

හිටපු පොලිස්පතිවරයාගේ දේහය මේ වන විට මුල්ලේරියාව රෝහලේ තබා ඇති අතර වැඩිදුර විමර්ශන මාලඹේ පොලිසිය සිදු කරන බව ඔහු සඳහන් කළේ ය.

මරණය ගැන පොලිසිය කියන්නේ කුමක් ද?

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී හිටපු පොලිස්පතිවරයා "වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන" මියගොස් ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

"දැනට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සූදානම් කරලා තියෙනවා. සිද්ධිය ගැන මාලඹේ පොලිසිය කණ්ඩායම් දෙකක් යොදවලා විමර්ශන කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. නිවසේ අනිත් අය ඉඳලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා මේක සුයිසයිඩ් එකක් කියලා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

'එක පාර සද්දයක් ඇහුණා' - අසල්වාසීන්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිවස ආසන්නයේ ජීවත් වන අසල්වාසියෙකු අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන් නිවසේ සිටියදී එකවර ඇසුණු ශබ්දයක් සමග ම කිසියම් අයෙකු කෑ ගසන ශබ්දයක් ද ඇසුණු බව ය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යනු කවුද?

2020 වසරේ නොවැම්බර් මස 27 වන දා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වන පොලිස්පතිවරයා ලෙස එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සී.ඩී. වික්‍රමරත්න පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් වූ ප්‍රථම අවස්ථාව ද එය වේ.

1963 මාර්තු 26 වන දින උපත ලැබූ පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහානාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් අනතුරුව 1986 ජූනි 16 වන දින ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පොලිස් බුද්ධි අංශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙසිනි.

ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාරය යන රටවලදී මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලිසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා ද ඔහු විසින් හදාරා ඇත.

පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස වසර 10කට ආසන්න කාලයක් සේවය කළ ඔහු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙහෙයුම් කටයුතු සඳහා ද සිය දායකත්වය දක්වන ලදී.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ඒ සමග ම සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ඔහු කටයුතු කරනු ලැබීය.

2019 වසරේදී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න කටයුතු කරන ලදී

ඉතිහාසගත වූ පොලිස්පති

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩි ම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා වශයෙන් වාර්තා අතරට එක්වූ සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස අවස්ථා 13කදී වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කර තිබිණි.

2022 වසරේ මෙරට ඇතිවූ අරගලය සමයේදී පොලිස්පතිවරයා වශයෙන් ඔහු කටයුතු කරන ලදී.

වසර තුනක කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න 2023 වසරේ මාර්තු මස 25 වන දා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් නව පොලිස්පතිවරයෙකු පත් කෙරෙන තෙක් ඔහුට තවත් මාස 8කට ආසන්න කාලයක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙන ලද සේවා දිගුවට යටත්ව පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීමට සිදුවිය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් අනතුරුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් මස 11 වන දා සිය ධූරයෙන් විශ්‍රාම ගියේ ය.

https://www.bbc.com/sinhala/articles/cx2rn9en3n9o

u/Trick-Temperature-09 — 1 month ago
▲ 17 r/lankawa

දේශපාලන මාතෘකා

r/ලංකාව තුල පහුගිය දවස් කිහිපයේ දේශපාලනය සම්බන්ධ මත ගැටුම් වැඩි වීමක් දකින්න තිබුණා. මේ සම්බන්ධයෙන් ඔබ දැන් ගත යුතු කරුණු කිහිපයක් පහත තියෙනවා.

ප්‍රධාන කරුණ තමා දේශපාලනය හෝ ඕනෑම මාතෘකාවක් කතා කරද්දී r/ලංකාව සහ රෙඩිට් නීතීන් වලට අනුගත වෙන්න මතක තියාගන්න.

විකෘති කළ හෝ තහවුරු නොවූ ප්‍රවෘත්ති, ප්‍රවෘත්ති විදියට පල කිරීම කරන්න බැහැ. ප්‍රවෘත්තියක් පල කිරීමේදී මූලාශ්‍රය විකෘති නොකර පල කරන්න කාරුණික වන්න. නැතිනම් ඉවත් කරන්නට සිදු වෙනවා. මේ සම්බන්ධව නව නීතියක් r/ලංකාව හඳුන්වා දී තියෙනවා.

මෙයින් අදහස් කරන්නේ නැහැ යම් දෙයක් ගැන තමන්ගෙ අදහස ලියන්න බැහැ කියන එක. ප්‍රවෘත්ති කියන ලේබලය පාවිච්චි කරන්න බැහැ ඒ අවස්ථාවල. නැවත නැවතත් එකම මාතෘකාව පල කරන්නත් එපා. Spamming යටතේ ඉවත් කළ හැකියි.

අනිත් දේ තමයි "ඉලක්කගත හිංසා කිරීම්" කියන දේ රෙඩිට් නීති උල්ලංඝනයක් (harrasment).

මේ නීතියේ ප්‍රධාන හරය තමා: යම් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන හිංසා පීඩා කිරීම නොකළ යුතුයි කියන එක.

මෙයින් කිසිසේත්ම අදහස් වෙන්නේ නෑ ඒ පුද්ගලයා කතා කරන මාතෘකාවට විරුද්ධව කතා කරන්න බැහැ කියන එක. තේරුම් ගන්න ඕනේ ඒ පුද්ගලයාට නෙවෙයි පහර එල්ල කරන්න ඕනේ, පුද්ගලයා කතා කරන මාතෘකාවට කියන එකයි. මේ වෙනස තේරුම් අරගෙන දිගටම විවාද කරන්න!

අනිත් මාතෘකා වගේම දේශපාලනය කියන්නේත් r/ලංකාව අපක්ෂපාතීව moderate කරන දෙයක්. ඔබේ ලියමනක් ඉවත් උනා නම් ඒ නීති කඩ කිරීමක් නිසා මිස දේශපාලන නැඹුරුවක් නිසා නෙවෙයි.

නීති කඩ වීමක් දකිනවා නම් "Report to mods" පාවිච්චි කරන්න.

reddit.com
u/Trick-Temperature-09 — 1 month ago

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්

ඔස්ට්‍රේලියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරික ගෙවීමේ ගනුදෙනුවේදී සිදුවූ සයිබර් අපරාධය සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම වාර්තාව අද (ජුලි 10 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම කමිටුව පක්ෂ විපක්ෂ සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර, මෙම වාර්තාව තුළ ඉහත කී සයිබර් අපරාධය සිදුවීමට හේතුපාදක වූ දේවල් සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ.

  1. ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපින නිලධාරීන් හඳුනා නොගැනීම
  2. යල් පැන ගිය පද්ධතිත් හේතුවක්
  3. අභ්‍යන්තර පාලන අසාර්ථකත්වයන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීම
  4. 'නිලධාරීන් 4 දෙනකුගේ පමණක් වැඩ තහනම් කෙරුණ ද පුළුල්ව පැතිරී ගිය අසාර්ථකත්වයක්'
  5. විශේෂ විගණනයක් සිදු කිරීම සහ විමර්ශනයක් පැවැත්වීම

https://www.bbc.com/sinhala/articles/c1myvv4pydro

u/Trick-Temperature-09 — 1 month ago

නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු නඩුවට CID නිලධාරීන් සහය නොදෙන බවට මහාධිකරණ විනිසුරුවරියගෙන් චෝදනා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සහ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහය නොදක්වන බව අධිකරණය විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ බව සටහන් කර තබන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ අද (ජූලි 07) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා ය.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට, විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ කටයුතු කිරීම සඳහා චෝදනාවල සංක්ෂිප්ත පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළා ය.

ඊට අමතරව මෙම ඉන්දීය සාක්ෂිකරුවන් පදිංචිව සිටින ලිපිනවලට අමතරව තවත් ලිපින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබ ඇති බවත්, එම ලිපින අඩංගු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් රජයේ නීතිඥවරිය දැනුම් දුන්නා ය.

ඒ අනුව, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 ප්‍රකාරව කටයුතු කරමින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මාර්ගයෙන් සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විනිසුරුවරිය අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළා ය.

මෙම සිතාසි නිකුත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 22 වන දා කැඳවන ලෙස ද විනිසුරුවරිය නියෝග කළා ය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නඩු විභාගය සඳහා හෝ සිතාසි නිකුත් කිරීමේ ක්‍රියාදාමය සඳහා සහය දැක්වීමක් නොකරන බව අධිකරණය නිරීක්ෂණය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය එය සටහන් කර තබන බවත් විවෘත අධිකරණයේ පැවසුවා ය.

ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුකරය විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙස නියම කළා ය.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව දියුණු කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

https://www.bbc.com/sinhala/articles/cpq38lw8yvjo

u/Trick-Temperature-09 — 1 month ago
▲ 17 r/lankawa

2012 - වැලිකඩ සිරකරුවන් ඝාතනය

වැලිකඩ බන්ධනාගාර ගැටුමේ සුළ මුල හෙළිවෙයි (සිරස)

wikipedia

විකිපීඩියා පිටුවේ සිංහල සාරාංශය:

පසුබිම සහ හේතුව

  • දිනය: 2012 නොවැම්බර් 9 සහ 10 යන දිනවල මෙම සිදුවීම සිදුවිය.
  • හේතුව: බන්ධනාගාරය තුළ ඇති නීතිවිරෝධී ආයුධ, මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කොමාන්ඩෝ භටයින් 300ක් පමණ වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමත් සමඟ මෙම තත්ත්වය හටගත්තේය.

සිදුවීම් මාලාව

  • ගැටුම ආරම්භ වීම: මුලින්ම "L" අංශයේ සෝදිසි කිරීම් සාර්ථකව සිදු කෙරුණත්, මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූවන් රඳවා සිටි "චැපල් වෝඩ්" (Chapel Ward) කොටස සෝදිසි කිරීමට යාමේදී සිරකරුවන් සහ STF බලකාය අතර බහින්බස්වීම් සහ ගැටුම් ඇති විය. සිරකරුවන්ට මාංචු දැමීමට යාම සහ ඔවුන්ට පහර දුන් බවට නැඟුණු චෝදනා මීට මුල් විය.
  • තත්ත්වය පාලනයෙන් ගිලිහී යාම: සිරකරුවන් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර එල්ල කළ අතර, STF බලකාය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. පසුව සිරකරුවන් බන්ධනාගාරයේ ප්‍රධාන ප්‍රදේශයට කඩා වැදී ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කිරීම නිසා STF සහ බන්ධනාගාර නිලධාරීන්ට පසුබැසීමට සිදු විය.
  • අවි ගබඩාව බිඳ දැමීම: බන්ධනාගාරයේ පාලනය අතට ගත් සිරකරුවන් එහි තිබූ අවි ගබඩාව බිඳ දමා ටී-56 වැනි ස්වයංක්‍රීය ගිනි අවි පැහැර ගත්හ. සිරකරුවන් පිරිසක් ත්‍රිරෝද රථයකින් පැන යාමට උත්සාහ කළ අතර එහිදී ඇති වූ වෙඩි හුවමාරුවෙන් සිරකරුවන් 4 දෙනෙකු මියගියේය.
  • හමුදාව කැඳවීම: ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම සහ අධික වර්ෂාව මධ්‍යයේ ආරක්ෂක අංශ සහ සිරකරුවන් අතර දැඩි වෙඩි හුවමාරුවක් පැවතිණි. තත්ත්වය පාලනය කිරීමට සන්නාහ සන්නද්ධ රථ ද සහිතව යුද හමුදාව කැඳවූ අතර, නොවැම්බර් 10 වැනිදා අලුයම 2.00 ට පමණ STF බලකාය බන්ධනාගාරයේ සම්පූර්ණ පාලනය නැවත ලබා ගත්තේය.

හානිය සහ චෝදනා

  • ජීවිත හානි: මෙම සිදුවීමෙන් සිරකරුවන් 27 දෙනෙකු මියගිය අතර, STF භටයින් 13ක්, සොල්දාදුවන් 4ක්, බන්ධනාගාර ආරක්ෂකයෙකු සහ සිරකරුවන් ඇතුළුව 40 දෙනෙකු තුවාල ලැබූහ.
  • ඝාතන චෝදනා: මානව හිමිකම් සංවිධාන, ඇසින් දුටුවන් සහ විපක්ෂය චෝදනා කළේ මෙය හුදෙක් කැරැල්ලක් පාලනය කිරීමක් නොව, ඇතැම් සිරකරුවන්ව නමින් කැඳවා සිදු කළ සැලසුම් සහගත "ඝාතනයක්" (Massacre) බවයි.

අධිකරණ තීන්දුව (2022 ජනවාරි)

  • වසර ගණනාවක නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය මඟින් තීන්දුවක් ලබා දෙන ලදී.
  • එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ ළමාහේවාගේ එමිල් රංජන්ට මිනීමැරීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 33කට වරදකරු කරමින් මරණ දඬුවම නියම විය.
  • මෙම නඩුවේ අනෙක් විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සියලු චෝදනාවලින් නිදහස් කෙරිණි.
u/Trick-Temperature-09 — 2 months ago