u/WifiTheifNextDoor

Braindead Zombies of the Biriyani Aragalaya

Braindead Zombies of the Biriyani Aragalaya

The only reason for Tamil separatism was that during the British colonial period, the Tamil (Vellalar) elite class, which enjoyed greater privileges, gradually lost its political and civil powers after the British left Sri Lanka. Until then, the Tamil elite had dominance in the State Council of Sri Lanka, the Ceylon Civil Service, academic education, and professional fields. With the departure of the British, since the majority population of the country was Sinhala-Buddhist, they gradually began to naturally gain power in these fields, from which they had been excluded during British rule.

The Tamil elite correctly predicted in advance that they would lose the power they previously held. Accordingly, by the 1940s, based on a concept of a Tamil homeland they had developed, they created an idea of a separate “Tamil state.” This idea was primarily initiated by C. Sundaralingam and S.J.V. Chelvanayakam. This emerged in parallel with India’s Dravida Nadu movement in the 1940s, which also called for a separate Dravidian state.

It was not only the Tamil elite who were dissatisfied with the Sinhala-Buddhist community gaining power; Sri Lanka’s Christian elite were also not happy about it. A group of Christian military officers attempted to assassinate the Prime Minister in 1962 and establish a military government for this reason.

In any case, based on the Tamil homeland myth, S.J.V. Chelvanayakam formed the Federal Party (Illankai Tamil Arasu Kachchi) in 1949. That marks the beginning of separatism in Sri Lanka.

u/WifiTheifNextDoor — 3 days ago

බුරියානි ලොන්තයොන්ගෙ බයිලා 😂😂

දෙමළ බෙදුම්වාදය ට එකම හේතුව ඉංගිරිසි යටත් විජිත සමය තුළ වැඩි වරප්‍රසාද භුක්ති විඳිමින් සිටි දෙමළ (වෙල්ලාල) ප්‍රභූ පන්තියට, ඉංගිරිසින් ශ්‍රීලංකාව අත හැර යාමත් සමඟ ක්‍රමයෙන්  දේශපාලන සහ සිවිල් බලතල අහිමි වීම. එතෙක් ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ, ලංකා සිවිල් සේවයේ, ශාස්ත්‍රීය අධ්‍යාපන මෙන්ම වෘත්තිය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය තිබුනේ දෙමළ ප්‍රභූ පන්තියට. ඉංගිරිසින් ගේ නික්ම යාමත් සමඟ රටේ බහුතර ජනයා සිංහල-බෞද්ධ ජනයා වීම නිසා ඔවුන්ට  ඉංගිරිසි පාලන කාලය තුළ බලයෙන් අහිමි කර තිබූ මේ ක්ෂේත්‍රවල බලය නිතැතින්ම ක්‍රමයෙන් ලැබෙන්නට පටන් ගත්තා. 

දෙමළ ප්‍රභූ පන්තියට තමන් එතෙක් තිබූ බලය අහිමි වන බව ඔවුන් කලින්ම නිවැරදිව පුරෝකථනය කළා. ඒ අනුව ඔවුන් 1940 ගණන් වන විට නිර්මාණය කරගත් දෙමළ නිජබිම් සංකල්පයක් මත පදනම් වෙමින් වෙනම "දෙමළ රාජ්‍යයක්" ගැන මතයක් ඇති කළා. මේ අදහස ඇති කරන්න මූලික වුනේ සී. සුන්දරලිංගම් සහ එස්.ජේ.වී. චෙල්වනායගම් දෙදෙනා. මෙය ඉන්දියාවේ 1940 ගණන් වල ඇති වූ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් සඳහා වූ  ද්‍රවිඩ නාඩු ව්‍යාපාරයත් එක්ක සමගාමී ව ඇති වුන දෙයක්. 

සිංහල බෞද්ධයන්ට බලය හිමි වීම පිළිබඳ නොසතුටට පත් වූයේ දෙමළ ප්‍රභූ පන්තිය පමණක් නොවේ, ලංකාවේ කිතුනු ප්‍රභූ පන්තියද ඒ ගැන සතුටු වූයේ නැහැ. කිතුනු හමුදා නිලධාරීන් පිරිසක් 1962 දී අගමැතිණිය මරා දමා හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළේ ඒ නිසා.

කෙසේ හෝ දෙමළ නිජබිම් මිථ්‍යාව මත පදනම් වෙමින් එස්.ජේ.වී. චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්ෂය (ඉලංගෙයි තමිල් අරසු කච්චි) බිහි කළේ 1949 දී.  ලංකාවේ බෙදුම් වාදයේ ආරම්භය එතන.

u/WifiTheifNextDoor — 3 days ago